ලෝකෙම තෙල් මිල අඩු වන විට අපේ ආණ්ඩුව වැඩි කරනවා – නාමල් රාජපක්ෂ කියයි

ලෝකයේ හැම රටකම ලෝක තෙල් මිලට සාපේක්ෂව තෙල් මිල අඩු කරන විට ලංකා ආණ්ඩුව තෙල් මිල වැඩි කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ආණ්ඩුවේ සොරකම් වලින් වූ පාඩුව වසා ගැනීම සඳහා ජනතාව මත බර පටවමින් සිටින බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

හරි නම් මේ මාසේ තෙල් මිල අඩු කළ යුතු බවද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

“ඉතිහාසයේ වැඩිම බොරු කියපු ආණ්ඩුව මෙයයි.අද හැම කාරණයක්ම වසන් කරන්න ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව දැඩි පරිශ්‍රමයක් දරනවා. සමස්ථ රාජ්‍ය බලයම යොදා ගන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න.තරුණයාගේ විරැකියාව ප්‍රශ්නයට විසඳුමක් හොයනවා අද ආණ්ඩුව උත්සාහ කරන්නේ මර්දනයෙන් තමන්ගේ බලය අරගෙන යන්න, යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *