කුලී ඝාතකයින් කණ්ඩායමක් මල්වතු හිරිපිටිය පන්සලේ හිමිනමක් විහාරස්ථානය තුළම වෙඩි තබා ඝාතනය කරයි

ගම්පහ මල්වතු  හිරිපිටිය කහටාන ගණාරාම මහා විහාරස්ථානය තුළ හිමිනමක් ටී – 56 ගිනි අවියකින් වෙඩි තබා අද දහවල් ඝාතනය කර තිබේ.

WhatsApp Image 2024 01 23 at 13.38.17 b9f625d3 Iri News
පන්සලේ ඝාතනය වූ ස්ථානය..

ඝාතනය කර ඇත්තේ කලපලුවාවේ ධම්මරතන නම් 45 හැවිරිදි හිමිනමකි. පොලිසිය පවසන්නේ උන්වහන්සේට වෙඩි දෙකක් තබා ඇති බවය.

WhatsApp Image 2024 01 23 at 13.38.18 2a50637c Iri News
ඝාතකයින් පැමිණි වාහනය…

5345 අංක දරන දම්පැහැති හොණ්ඩා මෝටර් රථයකින් පැමිණි ඝාතකයින් උන්වහන්සේට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.

ඝාතනය සඳහා සැකකරුවන් 04 දෙනෙක් පැමිණ ඇත.  වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *