මේක ශාසනයට එල්ල කරපු දැවැන්ත ප්‍රහාරයක්, තායිලන්ත සිද්ධිය පිටුපස ආණ්ඩුව ඉන්නවා – අක්මීමන දයාරතන හිමි

තායිලන්තයේදී භික්ෂූන් පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය “ශාසනයට එල්ල කරපු දැවැන්ත ප්‍රහාරයක්” බව අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ කළේය.

සිංහල රාවය සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උන්වහන්සේ, “මේකේ එක පැත්තක ආණ්ඩුව ඉන්නවා” යනුවෙන් සෘජුවම චෝදනා කළේය.

මෙම සිද්ධිය හුදෙක් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාවක් නොවන බව පෙන්වා දුන් දයාරතන හිමියන්, “ශාසනය සැලසුම් සහගතව විනාශ කිරීමේ ක්‍රියාවලියක මූලාරම්භය තමයි මේක” යනුවෙන් වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *