මීට පෙර ජනාධිපති ධුරයට පත්වීමේ සැබෑ සූදානමකින් පසු වූ පුද්ගලයා නිමල් සිරිපාල ද සිල්වා මහතා බවත්, එදා මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ප්‍රථමයෙන් ජනාධිපති ධුරය සඳහා ආරාධනා කර තිබුණේ නිමල් සිරිපාල මහතාට බවත් එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ “සත්‍යය දිනවමු! හොරුත්, බොරුත් පරදවමු!” මැයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ කුරුණෑගල දිස්ත්‍රික් සම්මන්ත්‍රණ මාලාවේ 05 වැනි වැඩසටහනට ඊයේ (12) එක්වෙමින්.