අද (2026.06.03) දින කුවේට් ප්‍රධාන ගුවන් තොටුපළ T1 පර්යන්තයට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
ඒ අනුව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති
ආචාර්ය ලක්ෂිත රත්නායක මහතා සහ
කම්කරු අංශ ප්‍රධානී එම්. ආර්. සී. බී. ඒකනායක මහතා
තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහල වෙත ගොස් ඔවුන්ගේ තත්ත්වය විමසා බැලූ අතර අවශ්‍ය පහසුකම් සැපයීමටද කටයුතු කර තිබෙනවා.