රාජ්‍ය බලය ලබා ගත් නිසා ටිල්වින් සිල්වා ජවිපෙ ලේකම් ධුරයෙන් ඉවත් වෙන්න යයි

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්ල වෙනත් ජ්‍යෙෂ්ඨයකුට පැවරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි. එලෙස පැවරීමට යෝජිත අය අතර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ නම ඉහළින්ම සඳහන්ව ඇති බව වාර්තා වෙයි.

වසර ගණනාවක් එම පක්ෂයේ ලේකම් ධුරය දරමින් සිය වගකීම් නිසි ලෙස ඉටු කරලීමත්, එමෙන්ම වසර ගණනාවක් කැපවීම් කරමින් බලාපොරොත්තු වූ බලය ලබා ගැනීම වර්තමානයේ සිදුවී ඇති නිසාත් ඔහු මෙම තීරණය ගැනීමට සූදානම් වන බව එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට බහුතර දෙනා පාර්ලිමේන්තු නියෝජනය කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂා කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ටිල්වින් සිල්වා මහතාගේ සහාය අවැසි බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇතැයි ද වාර්තා වේ

Source – deshaya newspaper

Leave a Reply

Your email address will not be published. Required fields are marked *