නාඩු හාල් තොග ආනයනය කිරීම සඳහා ගත් තීරණයෙන් පසු ඇතැම් සහල් මෝල් හිමියන් සැඟවූ හාල් තොග ඉබේම වෙළෙඳපොළට නිකුත් කරමින් පවතින බව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවැසීය.
සැඟවූ සහල් තොග සොයා ගැනීම සඳහා පසුගිය අවධියේ දී පෙට්ටිකඩ, කුඩා වෙළෙඳසල් එවකට පාරිභෝගික නිලධාරීන් විසින් වැටලීම් සිදු කළ ද හාල් මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය නව වැටලීම් ක්‍රියාත්මක කළ බව ද හෙතෙම පැවැසීය.
ඉදිරි නත්තල සහ නව වසර ඉලක්ක කරගෙන වැඩි මිලට විකිණීමේ අරමුණින් මෙම සහල් තොග සැඟවීමේ උපක්‍රමය හාල් මෝල් මෙන්ම තොග වෙළෙඳුන් විසින් සිදුකර ගෙන යන බවට පාරිභෝගික අධිකාරියට දිනපතා ලැබෙන මහජන පැමිණිලි හරහා මෙම වංචාවන් අනාවරණයවී තිබේ.