Toyota Lanka සමාගමට වාහන දහ දාහක ඇනවුම් එයි

ටොයොටා ලංකා සමාගමට මේ වන විට වාහන පෙර ඇනවුම් දස දහසක ප්‍රමාණයක් ලැබී ඇති බව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ප්‍රසන්න ද සිල්වා මහතා සඳහන් කරයි.

2025 වසර සඳහා වාහන ගෙන්වීමේ සැලසුම ප්‍රචාරය කළ පසු මෙම පෙර ඇණැවුම් තොගය ලැබුණු බවත් ඒ මහතා කියා සිටියේය.

මේ සියල්ල ගෙන්වන්නේ අලුත්ම වාහන ලෙස බවත් ජපානයේ පාවිච්චි කළ වාහන ඉන් අනතුරුව ගෙන්වීම සඳහා වෙනම සැලසුමක් ඇති බවත් ඒ මහතා කියා සිටී.

මේ වන විට සංචාරක ක්ෂේත්‍රය සඳහා ආනයන කරන ලද වාහන වල පළමු තොගය මෙරටට ලැබී ඇති බවත් ඒවා නම් කරන ලද පාරිභෝගිකයන් වෙත ඉදිරියේදී ලබාදෙන බවත් පැවසූ ඔහු එහි තවත් තවත් තොගයක් ඉදිරි දිනෙක එහි ලැබෙනු ලැබෙනු ඇති බවද සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *