තෙල් වෙළෙදාමේ කේන්ද්‍රස්ථානය බවට ත්‍රිකුණාමලය පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මේ අතර ඇතැමුන් හාල් හිගයක් කෘතිමව නිර්මාණය කළ ද සහල් ආනයනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය උවර්මලේ ක්‍රීඩාංගනයේ පැවති ජනරැළියට එක්වෙමින්.
ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රට හදන මාලිමාවේ අපි එකට යන තේමාවෙන් රැළිය සංවිධාන කර තිබෙනවා .
ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ජන රැළියට එක්ව සිට තිබෙනවා