රුපියල් 100 වතුර බෝතලය 450ට විකුණු හෝටල් දෙකකට ලක්ෂ 10ක් දඩ නියම කරයි

මාතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් දෙකක් රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගොනු කළ නඩුවක් මත මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (13) දින එම හෝටල් දෙක සඳහා රුපියල් ලක්ෂ දහයක ක දඩයක් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ ලීටරයක වතුර බෝතලයක් සඳහා නියමිත උපරිම සිල්ලර මිල රුපියල් 100ක් වුව ද, එය රුපියල් 450ක මුදලකට හා උපරිම සිල්ලර මිල රුපියල් 70ක් වන මිලි ලීටර් 500ක වතුර බෝතලයක් රුපියල් 300ක මිලකට අලෙවි කරමින් මෙම සංචාරක හෝටල් මිල පාලන රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම නඩුව පැවරූ බවයි.

ඒ අනුව එක් සංචාරක හෝටලයකට රුපියල් ලක්ෂ 05 බැගින් සංචාරක හෝටල් දෙක සඳහා රුපියල් ලක්ෂ 10ක දඩ මුදල නියමකර ඇති අතර පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලද පැමිණිලි අනුව මෙම වැටලීම සිදුකළ බව එම අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *