අසීරු අවස්ථාවක නේපාලය වෙනුවෙන් ශ්‍රි ලංකාව පෙරට පැමිණීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පැසසුමට ලක් කරයි

හදිසි ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් නේපාලය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාර ලබාදීමට ශ්‍රී ලංකාව පියවර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා සිය ‘X’ (ට්විටර්) ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, අසීරු අවස්ථාවලදී අන් අයගේ සහාය ලබාගෙන ඇති ශ්‍රී ලංකාව වැනි රටක්, නේපාලයට ඉතාම අවශ්‍ය මොහොතේ මෙලෙස පෙරමුණ ගෙන ක්‍රියාකිරීම දකුණු-දකුණු සහයෝගීතාවයේ (South-South solidarity) විශිෂ්ට ආදර්ශයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *