පාතාලයට වෙන වැඩේ ඉස්සරහට බලාගන්න – ඇමති නලින්ද රටටම දැනුම් දෙයි

පාතාලය මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව ත් එහි ප්‍රතිඵල ඉදිරියේදී රටට ම දැකගත හැකි වනු ඇති බව ත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (දෙසැ. 24) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

කුඩු සළිඳු හා පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරුවන් රටින් පළා ගොස් ඇති බවට වන වාර්තා ගැන කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී ඔහු මෙසේ ද කිවේය.

“පාතාලයත් කුඩු ජාවාරමත් මර්දනයට රජයක් හැටියට අපි අනිවාර්යෙන් කැපවෙනවා. හැබැයි ෂෝ එකක් දාලා සතියේ සති දෙකේ මෙහෙයුම්වලින් නෙවෙයි. අපි ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම නෙවෙයි වැදගත්. ප්‍රතිඵලය වැදගත්. අදාළ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියන එක තමයි දැන් කියන්න වෙන්නේ. ඉදිරියේදී ප්‍රතිඵල බලාගන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *