හුස්ම ගන්න අමාරු වෙන ඇග නිල් වෙන රෝගියෙක් ලංකාවෙන් පළමුවරට වාර්තා වෙයි


Congenital Methemoglobinemia නම් වූ අති දුර්ලභ රෝගය වැළඳුනු අයෙකු පළමුවරට මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, අනුරාධපුර – මැදවච්චිය ප්‍රදේශයේ දරුවෙකුට මෙම රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්.යූ. සී. රණවක සඳහන් කළේ.

මෙම රෝගය වැළඳීමේදී රෝග ලක්ෂණ ලෙස ශරීරය දැඩිලෙස නිල්පාට වන බවත්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද ඇති වන බවයි ඔහු පවසන්නේ.

මැදවච්චිය ප්‍රදේශයේ මෙම රෝගය වැළඳුනු දරුවා අනුරාධපුර ශික්ෂණ රොහලේ නොමේරු ළදරු ඒකකයේ සායනික පරීක්ෂාව සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙරට එකී පරීක්ෂාවන් සඳහා පහසුකම් නොමැති බැවින් දරුවාගේ රුධිර සාම්පල ජර්මනියට යැවීමෙන් අනතුරුව මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය සඳහා වන ඖෂධ මෙරට පැවතීම හේතුවෙන් දරුවාගේ දිවි බේරා ගැනීමට හැකිවූ බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, මෙම රෝගය ඇතිවීම සඳහා බොහෝවිට ඥාති විවාහයන් හේතු වන නමුත් මෙම දරුවාගේ දෙමව්පියන් එසේ නොවීමද විශේෂත්වයක් බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.මෙම රෝගය මෙරටදී හඳුනාගත් පළමු අවස්ථාව මෙය වන නමුත්, ලෝකයේ සාමාන්‍යයෙන් ලක්ෂයකට එක් දරුවෙකුට මෙවැනි රෝගයක් ඇති වීමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *