ප්‍රබල අපරාධකරුවන්ගේ දෙවන සහ තුන්වන පෙළ අත්අඩංගුවට ගන්න පොලිසිය වැඩ අරඹයි

අපරාධකරුවන් සහ ඔවුන් භාවිත කරන අවි ආයුධ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් දැඩි කරන බව පොලිසිය පවසනවා. 

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ අපරාධකරුවන් භාවිත කරන අවි ආයුධ රැසක් පසුගිය දින කිහිපය තුළ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි. 

ප්‍රබල අපරාධකරුවන් පිටුපස සිටින දෙවන සහ තුන්වන ජාලයට අයත් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා හඳුනාගැනීමේ කටයුතු මේ වන විට සිදුකරන බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *