සජබ,එජාප එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක් හදන්න යයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා වූ සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාව​ය හිමිව ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමග ද එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණවලදී තරග කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *