ගෙදර ඉල්ලලා මේ කරන්නේ දේශපාලන පලිගැනීමක් – මහින්ද කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන නිල නිවසේ මාසික කුලී වටිනාකම රුපියල් ලක්ෂ 46 ක් බවත්, එම නිවස යළි රජයට පවරා ගත යුතු බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉරිදා පැවසී ය. 

මෙහිදී, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද පිළිබදව යළි සමාලෝචනයක් සිදු කරමින් සිටින බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, විශ්‍රාම යාමෙන් පසුව තමන් නම්, කිසිසේත්ම නිල නිවසක් ලබා නොගන්නා බවද අවධාරණය කළේ ය. 

ඔහු භාවිතා කරන නිල නිවස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැක් වූ අදහස් පිළිබදව, ඩේලි මිරර් පුවත්පත, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කරුණු විමසා තිබේ. 

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, ලිඛිතව ඉල්ලා සිටින ඕනෑම මොහොතක තමන් එම නිල නිවස යළි රජයට භාර දීමට සූදානම් බවයි. 

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මේ කරන්නේ දේශපාලන පළිගැනීමක් බවද හිටපු ජනාධිපතිවරයා පුවත්පත සමග පවසා තිබේ. 

විජේරාම මාවතේ පිහිටි අදාල නිවස තමන්ට ලබා දීමට කටයුතු කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ඩේලි මිරර් පුවත්පත සමග පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා, එම තීරණයට කැබිනට් අනුමැතිය ලැබී තිබුණු බවද අවධාරණය කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *