එජාප සම්මේලනයේ නම කිව්වේ නැතැයි සීලරතන හිමියෝ තරහ වී යයි

එක්සත් ජාතික පක්ෂ සංවත්සර රැස්වීමේදී තමාගේ හෝ තම පක්ෂයේ නම කීවේ නැතැයි කියා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සංවත්තර රැස්වීමෙන් අද (20) නැගිට ගියහ.

“මොන දුකක්ද මහත්තයෝ මේ.මේ⁣ පක්ෂ මොනවද?තලතා අතුකෝරලට මගේ නම මතක නෑ .මුන්ට පිස්සු.

එක්සත් ජාතික පක්ෂය විසින් මට ආරාධනා කළා. ඒක නිසා මම ආවා.අපි ඔහේ යන්නං වාලේ පුටුවක වාඩි කරලා තිබ්බා.ඒ ගොල්ලන් සියලු දේශපාලන පක්ෂ වල නම් ගම් කතා කළා.පක්ෂ නායකයන්ගේ නම් කිව්වා. හැබැයි ජන සෙත පෙරමුණේ නමක් වත් කිව්වේ නෑ.

ඒ කියන්නේ අපේ ජනසෙත පෙරමුණ මේ ගොල්ලන්ට පක්ෂයක් නෙමෙයි.

අපේ සහයෝගය කිසිම වෙලාවක දෙන්නෙත් නෑ.දෙන්න බලාපොරොත්තුවකුත් නෑ.

අනුර ජනාධිපතිවරයා එන්න කිව්වත් මම ඒවට යනවා.මහින්ද මහත්තයා කතා කළත් යනවා .මොනවද මේ පක්ෂ”යනුවෙන්ද බත්තරමුල්ලේ  සීලරතන හිමියෝ සංවත්සර රැස්වීමෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කීහ.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර  රැස්වීම බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේදී අද පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *