රුපියල ශක්තිමත් වීම තහවුරු කරමින් ඩොලරය අද 289ක් දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (07) දින ප්‍රකාශයට පත් කරන ලද නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.57 ක් ලෙසත් විකුණුම් මිල රු. 298.68 ක් ලෙසත් වාර්තා වී තිබේ.

මෙහිදී අද දින ඩොලරයක මධ්‍ය අගය සටහන් වී ඇත්තේ රු. 293.78 ක් ලෙසිනි. එය ඩොලරයක් වෙනුවෙන් 2023 ජූනි 09 දිනෙන් පසු වාර්තා වී ඇති පහළම රුපියල් අගය වේ.

මේ අතර 2024 වසරේ ඔක්තෝබර් 04 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 9.6% කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

image 4 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *