වාලච්චේන කඩදාසි කම්හල යළි ආරම්භ කරයි


වාලච්චේන කඩදාසි කම්හලේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

එමෙන්ම කඩදාසි කම්හලේ අක්‍රිය යන්ත්‍ර අලුත්වැඩියා කිරීමෙන් පසු මෙහෙයුම් නැවත ආරම්භ කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම කඩදාසි කම්හලේ අක්‍රිය යන්ත්‍ර අලුත්වැඩියා කිරීමෙන් පසු මෙහෙයුම් නැවත ආරම්භ කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව, වාලච්චේන කඩදාසි කම්හල වසා දැමීමේ යෝජනාව වෙනුවට රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ හැකියාව සොයා බලා තිබෙනවා.

වාලච්චේන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර 1956 දී ආනයනය කරන ලද බැවින්, අලුත්වැඩියාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් පමණ අවශ්‍යවන බවටයි වාර්තා වෙන්නේ.

අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් වියදම් කර යන්ත්‍ර අලුත්වැඩියා කළහොත්, දිනකට ටොන් 5ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන් මසකට රුපියල් මිලියන 22ක ලාභයක් ලබා ගත හැකි බවටයි වාර්තා සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *