අධිකරණ සේවා කොමිෂන් සභාව මගින්, කොළඹ කොටුව මහේස්ත්‍රාත්, කෝසල සේනාධීර මහතාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඒ, ඔහු ගල්කිස්ස දිසා විනිසුරු ලෙස කටයුතු කරමින් සිටිය දී, නීති විරෝධී ලෙස මහේස්ත්‍රාත් නිල නිවසට විදුලිය සහ ජලය ලබාගෙන ඇති බවට චෝදනාවක් එල්ල වී ඇති බැවිනි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තෙක් ඔහුගේ සේවය අත්හිටුවා තිබේ.
මෙම චෝදනාව, අධිකරණ හා බන්ධනාගාරකටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ද පසුගිය දා පාර්ලිමේන්තුව හමුවේ මතුකර තිබුණි.