ජල ගාස්තුව පහළ දාන ගාන තීන්දු කරන්න වාර්තාවක් කැදවයි

විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්‍ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩුවනු ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. 

එහි උසස් නිලධාරියෙකු පැවසුවේ විදුලි ගාස්තු අඩු වීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටද ලබා දීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටින බවයි. 

ඒ අනුව එහි අවසන් වාර්තාව සති දෙකක් තුළ අමාත්‍යංශය වෙත යොමු කිරීමට කටයුතු කරන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා. 

මේ වන විට මෙරට ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 32 ඉක්මවා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. 

පසුගිය වසරේ අගෝස්තු 21 වනදා ජලගාස්තු සංශෝධනයක් සිදු වුණා. 

එහිදී ජල ගාස්තු සියයට 5යි දශම 9යි 4කින් අඩු කෙරුණා.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *