නේපාලයේ හටගෙන ඇති විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිත හානිවීම් පිළිබඳව සිය බලවත් ශෝකය පළකරන බවත්, එරට මුදාගැනීමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්රී ලංකාව සූදානමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සිය නිල ‘X’ (ට්විටර්) ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, මීට මාස 10කට පෙර මෙරටට බලපෑ මාරාන්තික සුළි කුණාටුවෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ජාතියක් ලෙස, පීඩාවට පත් නේපාල ජනතාවගේ වේදනාව සහ ශෝකය ශ්රී ලංකාව සහෝදරත්වයෙන් යුතුව බෙදාගන්නා බවයි.