විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ යුක්තිය හරහ සමාජය යහපත් කිරීමේ අරමුණෙන් බව ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා පවසයි.
විසි දෙවන සංශෝධනයෙන් රටේ පොදු ජනතාවට කිසිදු අගතියක් නොවන බව අවධාරණය කරන ජනාධිපතිවරයා, පාතාල මර්දනයේ දී එය පාතාලයටත්, මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයේ දී එය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ටත් අහිතකර වනු ඇති බවද පවසයි.
විසි දෙවන සංශෝධනයෙන් යුක්තිය පිළිබද විශ්වාසය ජනතාවට තහවුරු වනු ඇති බව ජනාධිපතිවරයා පවසයි.
“2006 නඩුවකට තීන්දුව ලැබෙන්නේ 2026 දී නම්, 2017 දැමූ නඩුවකට අදාලව අවුරුදු නමයක් ගිහිනුත් තාමත් එකදු සාක්ෂියක් හෝ ලබා ගෙන නැත්නම්, ජනතාව කවද්ද ජනතාව යුක්තිය පිළිබද විශ්වාස කරන්නේ…?” ජනාධිපතිවරයා ප්‍රශ්න කරයි.
ජනතාවට යුක්තිය ඉටු කිරීම සදහා ඒ වෙනුවෙන් පවතින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, නීතිපති දෙපාර්තමේන්තු-ව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණය ආදී සෑම ආයතනයක්ම බලගැන්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.
කුමනාකාරයේ ප්‍රතිවිරෝධයන් මතු වුවද, ජනතාව වෙනුවෙන් ගන්නා ලද කිසිදු තීන්දුවක් ආපහු නොහරවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
තීන්දුවක් ගැනීමේ දී එම තීන්දුව ගැනීමේ වාසි අවාසි සහ අනෙකු-ත් භාහිර සාධක ආදී සියල්ලක්ම ගණනය කරන බව පවසන ජනාධිපතිවරයා, එසේ ගනු ලබන තීන්දුවක්, එකී තීන්දුව ගනු ලැබීමෙන් පසු, කිසිසේත්ම ආපසු නොහරවන බව පවසයි.
ජනාධිපතිවරයා මේ අදහස් පලකර සිටියේ ජාතික නබිනායක සැමරුම් උළලේදී ය