අපේ සංස්කෘතියේ තිරිසන් සත්තු එක්ක බැජ් පලන්දගෙන සාම පා ගමන් යන්නේ නෑ – බලංගොඩ කස්සප හිමි

“ආලෝක කියන සුනඛයා නිසා අපේ සාමාන්‍ය වීදි බල්ලන්ට පහර වදිනවට මම භික්ෂුවක් විදියට එකඟ නෑ” යනුවෙන් පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ, ඇමරිකාවේ සිට ලංකාවට රැගෙන එන ආලෝකා නම් සුනඛයා සහභාගී වන සාම පා ගමන පිළිබඳව දැඩි විරෝධයක් පළ කරන බවයි.

“ඇමරිකාවේ වගේ නෙවෙයි ලංකාවේ බල්ලෙක් එක්ක සාම පා ගමන් යද්දී මොන වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නෑ” යනුවෙන් උන්වහන්සේ පැවසීය.

“අපේ සංස්කෘතියේ සාම පා ගමන් යන විදියක් තියනවා. බෑජ් පලන්දගෙන තිරිසන් සතුන් එක්ක සාම පා ගමන් යන්නේ නෑ” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ කස්සප හිමියන්, “මේ සාම පාගමනින් අපේ ලංකාවේ භික්ෂූන් වහන්සේලා අධෛර්යට පත් වෙන්න පුළුවන්” යනුවෙන් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *