මහනුවර සහ කොළඹ අතර ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ සංඛ්‍යාව අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව මහනුවර ප්‍රධාන බස් නැවතුම්පොළේ පෞද්ගලික බස් රථ සේවකයෝ පවසති.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක් සේවකයෙකු ප්‍රකාශ කර සිටියේ, වත්මන් තත්ත්වය යටතේ විනාඩි 5න් 5ට ලංගම බස් රථ කොළඹ බලා ධාවනය වන බවයි.