ගාල්ල සහ මාතර සිට මාකුඹුරට එන මගීන්ට අන්තර්ජාලයෙන් ප්‍රවේශ පත්‍ර වෙන් කරගැනීමේ පහසුකම ලබා දෙයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව නිමා කර, ගාල්ල සහ මාතර සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණෙන මගී ජනතාවට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන් කරගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, www.busticket.gov.lk වෙබ් අඩවිය හෝ 011 200 1266 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත හැකි බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *