තමා සහ තමාගේ කණ්ඩායම බාර් පර්මිට්, වයින් ස්ටෝර්ස් පර්මිට් සහ වරප්‍රසාද වරදානවලට මිලදී ගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු කියන්නේ තමන් ජනාධිපති වුනොත් ජනාධිපති වූ සැණින්ම පාස්කු ප්‍රහාරකයින්ට දඬුවම් දෙන බවයි.
“මම ඇතුළු අපේ කණ්ඩායම මුදලට, තනතුරුවලට ආත්මගරුත්වය පාවා දීලා වෙන්දෙසි වෙන්නෙ නෑ. ඒ වගේ ම අපි රට විකුණන්නේ හෝ වෙන්දේසි කරන්නේ හෝ ජනතාව පාවා දෙන්නෙත් නෑ. ඒ නිසා මාව විශ්වාස කරන්න.
කොච්චිකඩේ කටුවාපිටිය. මඩකළපුව හා හෝටල් ගණනවක සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන මේ මොහොත වන විටත් සත්‍ය අනාවරණය වී නැහැ. ඒ ප්‍රහාරයට නායකත්වය දුන් අය ගැන දැනුවත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සත්‍ය හෙළි කරනවා කියල කතෝලික ප්‍රජාව ප්රමුඛ සමස්ත ජනතාව ම නොමග යැවුවා. ඔහුගෙන් පස්සෙ බිහි වුණ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අඩිපාරේ ම ගිහින් මේ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සත්‍ය හෙළිදරව් වීම වළක්වන්න කටයුතු කරා.
පසුගිය දවසක මම කාදිනල් හිමියන් හමු වෙච්ච අවස්ථාවේ සැප්තැම්බර් විසි එක්වැනිදා මම ජන වරමින් ජයග්‍රහණය කරලා ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අගතියට පත් සාමාජිකයකු ලෙස පාස්කු ප්‍රහාරයේ සත්‍ය සෙවීමට දේශීය හා විදේශීය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරලා, විනිවිදභාවයෙන් යුක්තව සත්‍ය හොයලා, මේකට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනල්ලා ලබා දිය හැකි උපරිම දඩුවම ලබා දෙන බව කිව්වා. මෙම ප්‍රහාරයෙන් පසුව මේ දේවස්ථාන නැවත හදන්න වැඩ කළේ මම ඇතුළු පිරිස. අපි, විපතට පත් පවුල්වල ප්‍රජාවට ගෙවල් පවාහදල දුන්නා; ගෙවල් හදලා, ජීවනෝපාය හදලා දුන්නා කියල මේ නැතිවුණ වටිනා ජීවිත ලබා දෙන්න පුළුවන් ද. මේ දේවස්ථාන ගොඩනගන විට එවක ආණ්ඩුවේ අය ඒකට බාධා කරා. ඒ මොන දේ කරත් ඒ වටිනා ජීවිත ආයෙ ලබාගන්න බෑ.
හොරු ත්රස්තවාදීන් රකින්නේ නැති බවත් රණසිංහ ප්‍රේමදාස ගේ නාමයෙන් මේ සුලමුල මේ සත්‍ය සොයනවා සේම මෙයට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දෙනවා.
දින පනස් දෙකේ දි වගේ ම ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාරගන්න මට කතා කළා. ඒවා ප්රජාතන්ත්රවාදී විරෝධී නිසා මම ඒවා කළේ නෑ. ඒවා බාර ගත්තා නම්: හොරු රකින්න, රට බංකොලොත් කළ, පාස්කු ප්‍රහාරයෙ සත්‍ය වසන් කරන අය රකින්න සිදුවෙනවා මේ අවස්ථාවේ මම ඒ ගැන සතුටු වෙනවා. ජනතාවගේ ආශිර්වාදයෙන් මිස මම බලය ලබා ගන්නෙ නෑ” යි විපක්ෂනායකවරයා කියනවා.