මෑත භාගයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකරනලද මාතලේ දිස්ත්‍රික්කයේ පළමු ජලාශය වන වෑමැඩිල්ල ජලාශය මේ දිනවල ඇදහැලෙන මහවැසිවලින් පසුව උතුරායාමට පටන්ගෙන ඇත. මෙම තත්ත්වය නිසා මෙම ජලාශය පහළින් ඉදිකර ඇති නිවාසයන්ට මහත් අවදානමකට මුහුණපෑමට සිදුවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
කෙසේවෙතත් මෙසේ ජලාශය උතුරායාමෙන් පසු මසුන් ඇල්ලීම පෙදෙසේ තරුණ පිරිසේ රැකියාව බවට මේදිනයන්හි පත්ව ඇත. මෙම තත්ත්වය නිසා මෙතෙක් කිලෝව රුපියල් දහස ඉක්මවා පැවති වැව්මාළු කිලෝවක මිල රුපියල් හත්සීයට අඩුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.