“දේශපාලකයෝ හැමදාම ජනතාව රවට්ටමින් ජාතියේ ගැලවුම්කරුවෝ හැටියට පෙනී සිටිනවා. ඔය විමල් වීරවංශ ඇතුළු එයත් එක්ක එකට දේශපාලන පොරපිටියේ හිටපු බහුතරයක් කට්ටිය ඒ මානසිකත්වයේ ඉන්න මිනිස්සු” යැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “රණවිරුවා වෙනුවෙන් වතුර බෝතලයක්වත් දුන්න කට්ටියක් නෙමෙයි. තනිකරම අවස්ථාවාදීන්… ජනතාවට අපි ගෞරවයෙන් කියන්නේ මේ මිනිස්සු ජාතිවාදය අවුස්සන්න හදනවා. නැවතත් ඒවට රැවටෙන්න එපා. ඒවට රැවටුණොත් අගතියට පත් වෙන්නේ ජනතාවමයි. හානිය මාතා භූමියටයි” යනුවෙනි.