ඔබතුමා පැත්තකට වෙලා ආණ්ඩුව සජිත්ට දෙන්න,අපි කොරලා පෙන්නන්නම් – සජබේ සුජිත් සංජය කියයි

වත්මන් ආණ්ඩුවට වැඩ කිරීමට නොහැකි බවත්, එම නිසා ජනාධිපතිවරයා පැත්තකට වී ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහතාට භාරදිය යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.

ඊයේ රාත්‍රියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මෙයාලා වැඩ කරන්න දන්නේ නෑ. ජනතාවට අපි කිව්වා, ඇහුවේ නෑ. වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ සජබේ” යැයි එහිදී චෝදනා කළේය.

තවදුරටත් අදහස් දැක්වූ සුජිත් සංජය පෙරේරා මහතා, “ඔබතුමා පැත්තකට වෙලා ආණ්ඩුව සජිත් ප්‍රේමදාසට දෙන්න. අපි කොරලා පෙන්නන්නම්” යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *