ජනාධිපතිවරයාට සැබවින්ම රණවිරුවන්ට ගෞරව කිරීමේ උවමනාවක් තිබේ නම්, රවී කරුණානායක සහ ශානි අබේසේකර යන අය ඉදිරියට දාගෙන සිදුකරන රණවිරු දඩයම වහාම නැවැත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“රණවිරුවන්ට ගෞරව කරන්න ජනාධිපතිතුමාට උවමනාවක් තියනවනම්, රවී, ශානි ඉදිරියට දාගෙන කරන රණවිරු දඩයම නවත්තන්න ඕන. අත් අඩංගුවේ ඉන්න සලේ සහ පිල්ලෙයාන් නිදහස් කරන්න ඕන” යැයි ගම්මන්පිල මහතා එහිදී අවධාරණය කළේය.