මත්පැන් බලපත්‍රයක් ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් මිලියන 27.5 ක මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද වන, හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයෙක-ු වන ජයලත් බණ්ඩාර දිසානායක යන අය පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.