මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත පාර්ලිමේන්තුවට

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බල වේගයේ නැගෙනහිර අනුරාධපුර මහජන සම්බන්ධීකාරක කාර්යාලය අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙ මඟින් ඉදිරි කාලයේදී මහජනතාවට සිය ගැටළු ඉදිරිපත් කිරීමට පුළුල් අවස්ථාවක් ලබා දීමේ අරමුණින් මෙම කාර්යාලය විවෘත විය.

මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු රජයේ නිවාසයක් භාවිතා නොකරන බවයි. මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් අදහස් දැක් වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ.

“හිටපු ඇමතිවරු නිවාස බාරදීලා තියනවා, අපේ ඇමතිවරු කිසිවෙක් නිවාස ඉල්ලලා නෑ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර තියන දිනවල නවතින්න මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවසක් දෙනවා, ඇමතිවරයා විදියට මට V8 වාහන තුනක් ලැබෙනවා.

නමුත් ඒ කිසිවක් මම පාවිච්චි කරන්නේ නෑ. වැටුප මන්ත්‍රීවරුන්ට හිමි දෙයක් හැබැයි විශ්‍රාම වැටුප නම් අනිවාර්යෙන්ම අහෝසි කරනවා” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය. මේ අතර පාරිභෝගිකයා සූරා කෑමෙන් තොරව ව්‍යාපාර කිරිමේ සංස්කෘතියක් මෙරට ඇති වී යුතු බව ද අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *