ඛනිජ තෙල් සංස්ථාව බිලියන 18 ඉක්මවූ ලාභයක් වාර්තා කරයි – බිලියන 05ක් අද රජයට දෙයි

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) රුපියල් බිලියන 18කට අධික ලාභයක් වාර්තා කර ඇති බව එහි සභාපතිවරයා පවසයි.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම ලාභයෙන් රුපියල් මිලියන 500ක මුදලක් අද (සැප්තැම්බර් 18) රජයට භාර දීමට නියමිත බවයි.

ඛනිජ තෙල් සංස්ථාව මීට පෙර විශාල පාඩු ලැබූ ආයතනයක් වූ අතර, වත්මන් ලාභය සංස්ථාවේ කළමනාකරණ කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇති බවට සාක්ෂියකි. මෙම ලාභය රටේ ආර්ථිකයට ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *