“රගපානවට වඩා දේශපාලනය වෙනස්, යථාර්තයට මුහුණ දෙන්න ඕනේ” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දකුණු ඉන්දීය නළු සහ දේශපාලන නායක තලපති විජේ මහතාට මතක් කර දී ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, “අපි ලංකාවෙත් දැක්කනේ කලාකරුවෝ දේශපාලනයට ඇවිත් අපි ඔක්කොම යාලුවෝ කියලා අන්තිමට වලං හෝදන්නත් කතා කරා” යනුවෙනි.
ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසි ඇතැම් කලාකරුවන්ගේ අත්දැකීම් සිහිපත් කරමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය.
තලපති විජේ මහතා දේශපාලනයට අලුත් බව සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා, “මම එතුමාට සුබ පතලා X පණිවිඩයක් තිබ්බා” යනුවෙන් ද කියා සිටියේය.
මීට පෙර නාමල් රාජපක්ෂ මහතා විසින් විජේ මහතාගේ දේශපාලන ගමනට සුබ පතමින් X සටහනක් තබා තිබූ අතර, එම පසුබිම තුළ මෙම අදහස් දැක්වීම සිදු වී ඇත.
“චිත්‍රපටි හරි ලේසියි, හැබැයි දේශපාලනය ඒ වගේ නෙවෙයි. තලපති විජේ මතක තියාගන්න ඕනේ රගපානවට වඩා වෙනස් දේශපාලය” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.