මම ගණිකාව කිව්වේ දරුවාට නෙවෙයි – දිලුම් අමුණුගම කියයි

අටමස්ථානාධිපති නාහිමියන්ගේ සිදුවීමට අදාළව, තමන් ගණිකාවක පිළිබඳ ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය හරහා සිදු වන ප්‍රචාර වැරදි සහගත බව සර්වජන බලය පක්ෂයේ දිලුම් අමුණුගම පවසනවා.

අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, එදින තමන් එම ප්‍රකාශය කළේ අනුරාධපුර සිදුවීමට අදාළ පරීක්ෂණ මෙතෙක් දුරගොස් තිබෙන්නේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදු වූ වැටලීමකදී එහි සිටි කාන්තාවක ලබා දුන් ප්‍රකාශයක් මත පදනම්ව බවයි. 

තමන්ට දැනගන්නට ලැබුණු සහ ආරංචි වූ ආකාරයට තමා එම ප්‍රකාශය සිදු කළ බවත්, මාධ්‍ය මඟින් එය විකෘති කර ප්‍රචාරය කර ඇති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වුව ද, තමන් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් අදාළ දරුවාට, කිසියම් කෙනෙකුට, පාර්ශ්වයකට හෝ පොදුවේ සමාජයට යම්කිසි සිත් රිදවීමක් හෝ අපහසුතාවක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවයි දිලුම් අමුණුගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *