2026 වසරේ අප්‍රේල් මාසය තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසනවා.
මෙය 2025 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක සාධනීය වර්ධනයක් පෙන්නුම් කිරීමක් බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
එමෙන්ම, 2026 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වූ මුල් මාස හතරක කාලය තුළ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,784.38ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදය සමග සැසඳීමේදී 4.3%ක ප්‍රගතියක් බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.