රටේ වත්මන් ආර්ථික පරිහානිය සහ ඊට වගකිවයුතු හිටපු පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාවන් දැඩි විවේචනයට ලක් කරමින් ප්‍රකට ව්‍යාපාරික, අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදුකර තිබේ.
දේශපාලන අධිකාරිය සහ පාලකයින්ගේ දක්ෂතාවල ඇති අසාර්ථකභාවය ප්‍රශ්න කරමින් ඔහු දැක්වූ අදහස් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව ඇත.
රටේ පාලකයින්ගේ ඊනියා දක්ෂතාවය පිළිබඳව ප්‍රශ්න කරමින් ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ පවසා සිටියි:
“රනිල් හරි දක්ෂයි කියලා කියනවා නේ, එහෙනම් මේ රට මේ තත්වෙට වැටුණේ කොහොමද?. බදු ටික එකතු කරගන්න IMF එක (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) කියනකන් ඉන්න ඕන වුණාද? අපේ රටේ හිටපු පාලකයොන්ගෙන් වෙන්න ඕන දේ වුණා නම් මේ රටට මෙහෙම දෙයක් වෙයිද?”