බුදු දහම රැකගත යුත්තේ අන්‍යාගමිකයන්ගෙන් නොව හාමුදුරුවරුන්ගෙන්මයි – පූජ්‍ය කැළණියේ ශාසනවංශ හිමි

වර්තමානයේ බුදුදහම ආරක්ෂා කර ගැනීමට සිදුව ඇත්තේ අන්‍යාගමිකයන්ගෙන් හෝ ගිහියන්ගෙන් නොව, ශාසනය තුළ සිටින ඇතැම් භික්ෂූන් වහන්සේලාගෙන්ම බව පූජ්‍ය කැළණියේ ශාසනවංශ හිමියන් පවසනවා.

වත්මන් සමාජය තුළ බුදුදහම දැඩි ලෙස විකෘති වෙමින් පවතින බව පෙන්වා දුන් ශාසනවංශ හිමියන්, බුදුරජාණන් වහන්සේට සහ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට එල්ල වී ඇති ලොකුම තර්ජනය වත්මන් භික්ෂූන් වහන්සේලාම බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතු බව සඳහන් කළා.

ලෝක ඉතිහාසය තුළ මේ ආකාරයෙන් ධර්මය විකෘති කළ වෙනත් කාලවකවානුවක් තිබුණේද යන්න සැක සහිත බවද උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.

මේ හේතුවෙන් වර්තමානයේ පවතින ප්‍රධානම වගකීම සහ අභියෝගය වන්නේ, විවිධ මතවාද පතුරුවන භික්ෂූන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේව සහ ධර්මය බේරා ගැනීම බව පූජ්‍ය කැළණියේ ශාසනවංශ හිමියන් අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *