දිට්වා වන්දි ලබා දීමට අල්ලස් ගත් රාජ්‍ය නිළධාරීන් රක්ෂිත බන්ධනාගාරගත කරයි

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සදහා වන්දි අනුමත කිරීමට රුපියල් ලක්ෂයක් සහ රුපියල් ලක්ෂ දහයක් අල්ලස් ලෙස ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබෙන, මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදසා සහන සේවා නිළධාරී සහ තණමල්විල ග්‍රාම සේවා නිළධාරී ඇත-ුළු තිදෙනෙකු එළැඹෙන ජූනි නම වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.

සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි.

අඩු ආදායම් ලාභී පවුලක කාන්තාවකගෙන් අදාල සැකකරුවන් මෙම අල්ලස් මුදල් ලබා ගැනීම සිදුකර තිබේ.

ලක්ෂ පනහක වන්දියේ පළමු වාරිකය වූ ලක්ෂ විස්සක මුදල නිකුත් කළ අවස්ථාවේ දී ආපදා සහන සේවා නිළධාරියා එම මුදලින් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බව පැවසේ.

අදාල කාන්තාවට දෙවන සහ තෙවන වාරික ලෙස හිමිවිය යුතු ලක්ෂ තිහක මුදලෙන් ලක්ෂ දහයක මුදලක් ද අදාල සහන සේවා නිළධාරියා අල්ලස් ලෙස ඉල්ලා තිබේ.

තණමල්විල ග්‍රාමසේවා නිළධාරියා සහ තවත් එක් සිවිල් පුද්ගලයෙකු අදාල කාන්තාවගෙන් ඇයට හිමි පළමු වාරිකය වූ ලක්ෂ විස්ස මුදලෙන් ලක්ෂ දහයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවට චෝදනා එල්ලවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *