ආන­ය­න­ සීමා යළි පන­වන්නේ­ නෑ – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කියයි

ආන­යන සීමා පැන­වී­මට කිසිදු අද­හ­සක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහතා ප්‍රකාශ කළේය. ආන­යන සීමා පන­වනු ඇතැයි අසත්‍ය මතවාද­යක් පතු­ර­ව­මින් අන­වශ්‍ය ඉල්ලු­මක් නිර්මා­ණය කර පිට­ර­ටින් ගෙන්වන ඇතැම් භාණ්ඩ­වල මිල කෘත්‍රි­මව ඉහළ දැමී­මට අවශ්‍ය වට­පි­ටා­වක් සැක­සීමේ ක්‍රියා­දා­ම­යක් මේ වන විට මතුව ඇත. එවැනි ක්‍රියා­දා­ම­යන්ට ඉඩ ලබා­දී­මට ආන­යන සීමා පැන­වී­මක් සිදු කළ යුතුව තිබේ. මෙහි සත්‍ය අස­ත්‍ය­තාව කෙසේ­දැයි අප කළ විම­සු­ම­කට පිළි­තුරු ලබා ­දෙ­මින් අධි­ප­ති­ව­රයා පැහැ­දිලි කළේ ආන­යන සීමා පැන­වී­ම­කින් මේ වන විට එක්සත් ජන­පද ඩොල­ර­යට මතුව ඇති ඉල්ලුම අඩු කිරීම වැනි ක්‍රියා­දා­ම­යන්ට යොමු වීමට අද­හ­සක් නොමැති බවය.

ආන­යන සීමා පන­ව­මින් ආර්ථි­කය හැසි­ර­වී­මට පෙර දවසේ කට­යුතු කළ ද වර්ත­මා­නය වන විට ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ විස්තී­රණ ණය පහ­සු­කම් ලබා­ගෙන තිබෙන අව­ස්ථා­වක එවැනි සීමා පැන­වී­මට හැකි­යා­වක් නොමැති බව ද, එසේ වුව­හොත් දෙපා­ර්ශ්වය අතර ඇති කර­ගෙන තිබෙන එක­ඟතා සංශෝ­ධ­නය කිරී­මට සිදු වන බව ද නන්ද­ලාල් වීර­සිංහ මහතා පැහැ­දිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *