පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන සහරාන් හෂීම් සමග එක්ව කඳවුරු කිහිපයක සිට මරාගෙන මැරෙන ප්‍රහාරවලට පවා පොරොන්දු ලබා දුන් පුද්ගලයකු, එම නඩු විභාගයේදී රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වෙමින් තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.
දින දෙසීයකට අධික කාලයක් තිස්සේ විභාග වන මෙම නඩුවේදී, මෙම සාක්ෂිකරු විසින් සිදු කළ ප්‍රකාශයන් අතිශය තීරණාත්මක විය. ඔහු තමන් ද සහරාන් සමග මරාගෙන මැරෙන ප්‍රහාරයකට ප්‍රතිඥා දුන් අයකු බව අධිකරණය හමුවේ පිළිගත්තේය.
එම නඩු විභාගය එදින මධ්‍යම රාත්‍රී 12 වනතුරු දීර්ඝව පැවැති අතර, සාක්ෂිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරිණි. විවේක කාලයන්හිදී ඔහු ආරක්ෂිතව රඳවා තබා ගැනීමටත්, ඔහුව අධිකරණය වෙත රැගෙන ඒම සඳහා ඉතාමත් ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කිරීමටත් බලධාරීන් කටයුතු කර තිබේ.
තවද ඔහුගේ නම පවා හෙළිනොකරන ලෙස අධිකරණයෙන් ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.
මෙම හෙළිදරව්ව පාස්කු ප්‍රහාරයේ පසුපෙළ ක්‍රියාකාරකම් සහ ඊට සම්බන්ධ වූවන්ගේ ජාලගත වීම පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට ඉවහල් වනු ඇතැයි නීති අංශ පෙන්වා දෙයි.