දේශපාලන ඉතිහාසය තුළ කිසිදා ජනතා ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වීමට නොහැකිව සිටි රනිල් වික්රමසිංහ මහතාව රටේ ජනාධිපතිවරයා බවට පත් කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් බව එම පක්ෂයේ දේශපාලන ක්රියාකාරී, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
එබැවින්, එදා තමන් ඇතුළු පක්ෂය ලබා දුන් එම දේශපාලන ජීවය වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දැන් නාමල් රාජපක්ෂ මහතා වෙත සිය කෘතගුණ සැලකිය යුතු කාලය එළඹ ඇති බව ඔහු අවධාරණය කරයි.