ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන මණ්ඩල සභාපති නාමල් රාජපක්ෂ මහතාගේ කුඩා පුත්‍රයා ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් සිදුකර ඇති බව කියන ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
දේශපාලන පළිගැනීම් සඳහා කුඩා දරුවන් ඇද දැමීමේ මෙම ක්‍රියාව තමන් දැඩි සේ පිළිකුල් කරන බව ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය
“දරුවෝ ඉන්න තත්තලා විදියට අපිට මේවා බලාගෙන ඉන්න බෑ. මේ කරපු ප්‍රකාශය ගැන අපි කණගාටුව ප්‍රකාශ කරනවා. අල්ලලා හිරේ දාන්න ඕනේ කියලා පහත් කතා JVP එක කියනවා.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.