2026 වසරේ මැයි මාසය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 847ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2025 වසරේ මැයි මාසයේදී ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 641.7 සමඟ සැසඳීමේදී මෙවර ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 205.3කින් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.90ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව එය සියයට 26ක කැපී පෙනෙන වර්ධනයක් වන අතර, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම ශක්තිමත් කිරීමට විදෙස් ශ්‍රමික ප්‍රේෂණ තවදුරටත් ප්‍රධාන දායකත්වයක් ලබාදෙන බව නිරීක්ෂණය වේ.