2029 දී රත්නපුරයට දුම්රිය ගමන් ආරම්භ කිරිමේ වැඩ ඇරඹෙයි

කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල සිට රත්නපුරය දක්වා දිර්ඝ කිරීමේ ව්‍යාපෘතියේදී එම දුම්රිය මාර්ගයේ පදිංචි ප්‍රජාව පිළිබඳ සමාජ සමීක්ෂණයක් ලබන සතියේ සිට ආරම්භ කරන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශාන්ත පද්මකුමාර මහතා පවසයි.

රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී ඔහු මේ බව පැවසීය. අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා වූ රුවන්පුර දුම්රිය මාර්ගයේ ශාක්‍යතා අධ්‍යයන  කටයුතු ආරම්භ කර මසක් ගත වී ඇති බව ද ඔහු අවධාරණය කළේය.

කැළණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේදී මාර්ගයට අදාල ප්‍රදේශවල සියලුම් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිම පිණිස මෙම සකච්ඡාව පැවැත්විණි.

අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා වූ දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමට අවශ්‍ය ශාක්‍යතා අධ්‍යයනය කිරීමේ  කටයුතු Resource Development Constructions ආයතන වෙත පවරා ඇත.

කැළණි වැලි කෝච්චිය මීට වර්ෂ 55කට පෙර අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා ගමන් කිරීම නතර කර ඇත. එම දුම්රිය ගමන් ගත් මාර්ගය සහ එහි ගොඩනැගිලි පද්ධතිය මේ වන විට පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශය ද භාවිත කරමින් සිටී.

කැළණිවැලි දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දිර්ඝ කිරීම සඳහා කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂ  නිමල් තක්කාවිට මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරයි. 2029 දී කැළණිවැලි දුම්රිය රත්නපුර දක්වා ගෙන ඒමට නියමිතයි.

කැළණිවැලි දුම්රිය මාර්ගයේ වැඩ ආරම්භ කිරීම සඳහා 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 500ක් අයවැය මගින් වෙන් කර දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පද්මකුමාර මහතා මෙහිදී පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *