ජනපති අනුරගේ නියෝගයෙන් බල­හ­ත්කාර ශ්‍රම­යෙන් නිප­ද­වන භාණ්ඩ ආන­ය­නය වහාම තහ­නම් කරයි

බල­හ­ත්කාර ශ්‍රමය භාවිත කර­මින් පූර්ණ වශ­යෙන් හෝ අර්ධ වශ­යෙන් නිෂ්පා­ද­නය කරන, කැණීම් කරන හෝ නිම කරන ලද ඕනෑම භාණ්ඩ­යක් මෙර­ටට ආන­ය­නය කිරීම රජය විසින් වහාම ක්‍රියා­ත්මක වන පරිදි තහ­නම් කර තිබේ. මුදල් ක්‍රම සම්පා­දන හා ආර්ථික සංව­ර්ධන අමා­ත්‍ය­ව­රයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් මෙම නියෝ­ගය නිකුත් කර ඇති අතර, එය පසු­ගිය ජුලි මස 10 වැනිදා සිට බල­පැ­වැ­ත්වෙන පරිදි ක්‍රියා­ත්මක වේ.

මෙම නව රෙගු­ලාසි යටතේ, යම් රට­කින් භාණ්ඩ ආන­ය­නය කිරී­මේදී ඒවා බල­හ­ත්කාර ශ්‍රමය යොදා­ගෙන නිෂ්පා­ද­නය කර හෝ නිමවා නොමැති බව තහ­වුරු කිරී­මට අවශ්‍ය ලේඛන රේගු අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වෙත ඉදි­රි­පත් කිරීම අනි­වාර්ය වේ.

ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නයේ (ILO) තීරණ සැල­කි­ල්ලට ගනි­මින්, මෙම තහ­න­මට යටත් විය යුතු නිශ්චිත භාණ්ඩ හෝ රට­වල් පිළි­බඳ අමා­ත්‍ය­ව­රයා විසින් ඉදි­රි­යේදී කාලා­නු­රූ­පීව නිවේ­ද­නය කරනු ඇත.

රජය මෙම පිය­වර ගෙන ඇත්තේ බල­හ­ත්කාර ශ්‍රම භාවි­ත­යෙන් නිෂ්පා­දිත භාණ්ඩ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාව ප්‍රමා­ණ­වත් ක්‍රියා­මාර්ග නොගන්නා බවට ජාත්‍ය­න්ත­ර­යෙන් එල්ල වූ චෝදනා හමු­වේය. විශේ­ෂ­යෙන්ම, මෙවැනි භාණ්ඩ ආන­ය­නය වැළැ­ක්වී­මට නිසි පිය­වර නොගන්නා ශ්‍රී ලංකාව ඇතුළු රට­වල් 60කට එරෙ­හිව අති­රේක ආන­යන බදු පැන­වී­මට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑත­කදී යෝජනා කර තිබුණි.

එම යෝජ­නා­වට අනුව ශ්‍රී ලංකා­වෙන් අප­න­ය­නය කෙරෙන භාණ්ඩ සඳහා සිය­යට 12.5ක අති­රේක බද්දක් පැන­වී­මට අමෙ­රි­කානු පරි­පා­ල­නය සූදා­නම්ව සිටි­යේය. ශ්‍රී ලංකාව මීට පෙර මෙවැනි නීති ඵල­දායී ලෙස ක්‍රියා­ත්මක නොකි­රීම මෙම බදු පැන­වී­මට ප්‍රධාන හේතුව ලෙස අමෙ­රි­කාව පෙන්වා දී තිබුණි. කෙසේ­වෙ­තත්, රජය විසින් ප්‍රකා­ශ­යට පත් කළ මෙම නව රෙගු­ලා­සිය හරහා එම අහි­ත­කර බල­පෑම් වළක්වා ගැනී­ම­ටත්, ජාත්‍ය­න්තර වෙ‍ෙළඳ ප්‍රමි­තීන්ට අනු­කූල වීම­ටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *