බෙංගාල බොක්ක ආවරණය කරමින් ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් පුත්තලමේ ඉදි වෙනවා – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මධ්‍යම කඳුකරයේ දකුණු ප්‍රදේශය,නැගෙනහිර ආවරණය වීමට නම් පොතුවිල් ප්‍රදේශය ආශ්‍රිතවද ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් ස්ථාපිත වියයුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පැවසීය.

මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් සවි කිරීම සම්බන්ධව රජය ජපානය සමඟ සාකච්ඡා කර තිබෙන බවද ඔහු පැවසුවේය.

මේ වනවිට එක ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් පුත්තලම කාළගුණ විද්‍යා කාර්යාලයයේ ඉඳිකරමින් පවතින බවද ඔහු පැවසීය.

එහි ඉඳිකිරීම් කටයුතු මේ වනවිට සියයට 30 ක් පමණ ඔහු සඳහන්කළේය.

එහි ඉඳිකිරීම් කටයුතු ලබන වසරේ (2027) ජූලි මස 31 වැනිදා වනවිට හැකි වෙතැයිද ඔහු පැවසුවේය.

මෙම ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආවරණය වන බවද ඔහු සඳහන්කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *