ශිරාන් බාසික්ව කිසිදු අවස්ථාවක හදුනාගත්තේ නෑ – රංගන ශිල්පිනි පියුමි හංසමාලි කියයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නමැත්තා සමඟ මුදල් ගනුදෙනු සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාර සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ශිරාන් බාසික් නමැති පුද්ගලයා තමන් කිසිඳු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවයි.

තමන් සතුව ඇත්තේ තමන් විසින් උපයාගත් මුදල් පමණක් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෝ වෙනත් පුද්ගලයන්ගේ මුදල් තමන් සතුව නොමැති බවත් ඇය එහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරන බව පවසන ඇය, තමන් කිසිවිටෙකත් අසත්‍ය ප්‍රකාශ නොකරන බවයි වැඩිදුරටත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා පසුගියදා ඩුබායිහීදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගිය 14වනදා මෙරටට රැගෙන එනු ලැබූ අතර එහිදී ඔහුව කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවවට ගනු ලැබුවා.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදෙනු අතර එහිදී ඔහුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *