අපි දෙගොල්ලොම එකතුවෙලා නැවත යුද්ධයක් ඇති වෙන්න දෙන්නේ නෑ කියනවා,ඒක හොද දෙයක් – ජනපති අනුරට සුමන්තිරන්ගෙන් පැසසුම්

 “තවත් යුද්ධයක් රට තුළ මුල් බැස ගැනීමට ඉඩ නොදෙන බවට ඔබ කළ ප්‍රකාශය අපි සාදරයෙන් පිළිගන්නවා. මේ කරුණ සම්බන්ධයෙන් අප දෙපාර්ශ්වයම එකම ස්ථාවරයක සිටීම ඉතා වැදගත්” යැයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමතමින් පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මඩකලපුව මහජන පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *